1 / 5
Love is
2 / 5
Love is
3 / 5
MALAN
4 / 5
Love
5 / 5
MALAN

ජෛව තාක්ෂණය හෙවත් ජාන තාක්ෂණ විද්‍යාව biotechnology


ජෛව තාක්ෂණය හෙවත් ජාන තාක්ෂණ විද්‍යාව යනු


 අප ජීවයේ පදනම මෙන්ම ප්‍රවේනික ද්‍ර‍ව්‍ය වන න්‍යෂ්ටික අම්ල භාවිතා කර සිදුකරන තාක්ෂණික ක්‍ර‍මවේදයකි.
මෙහිදි ජීව පද්ධති හා ජීවින් යොදාගනිමින් නව නිෂ්පාදන බිහි කිරීම නැතහොත් ජීව පද්ධති හා ජීවින් ප්‍රවේනිකව නැතහොත් ජාන විද්‍යාත්මකව වෙනස් කිරීම තුලින් නව නිෂ්පාදන බිහිකිරිම සිදුවේ.


ජීව පද්ධති තුල පවතින DNA සහ RNA යන න්‍යෂ්ටික අම්ල වල තැනුම් ඒකකය වන්නේ නියුක්ලියෝටයිඩ වේ.නියුක්ලියෝටයිඩ දාමයන් දෙකක් ලෙස පවතින ගෙනෝමයේ ක්‍රියාකාරි ඒකකය වන්නේ ජානයයි.

කිසිදු හානියකින් තොරව DNA, සෛල තුලින් පිටතට ගෙන නැවත සෛල තුලට ඇතුලත්කල හැක.එබැවින්DNA අණුව ඡේදනය කිරීම, නව ජාන සහිත කොටස් ඇතුලත් කිරිම, මෙන්ම ජාන වෙනස් කිරිම ආදි සියල්ල සිදුකිරීමට හැකියාව පවති.

ජාන ඉංජිනේරු තාක්ෂණය භාවිතයෙන් සිදුකරන්නාවු මෙවන් විපර්යාස මිනිසාගේ උන්නතිය මගින් නව තාක්ෂණික මෙවලමක් සේ යොදාගැනීම ජෛව තාක්ෂණයේදී සිදු කරනු ලැබේ.වර්තමානයේ විවිධ වු ක්ෂේත්‍ර සදහා ජෛව තාක්ෂණය යොදාගැනේ.

ක්ෂේත්‍ර‍ය
යොදා ගත් ජිවීයා
නිෂ්පාදනය
ප්‍රයෝජන

වෛද්‍ය ක්ෂේත්‍ර‍ය
 
බැක්ටීරියා
ඉන්සියුලීන්
මධුමේහය සදහා ප්‍ර‍තිකාර

බැක්ටීරියා

මානව වර්ධක හෝමෝනය
කුරුබව නැතිකිරීම සදහා

ඊස්ට් සෛල
හෙපටයිටිස්  බි එන්නත
හෙපටයිටිස්  බි වැලදීම වැලැක්වීම

සෛල රෝපිත
ඉන්ටලියුකින්
ප්‍ර‍තිදේහ නිෂ්පාදනය උද්දීපනය හා පිළිකා ප්‍ර‍තිකාර ලෙස
ආහාර නිෂ්පාදනයේදි
බැක්ටීරියා / ඊස්ට් සෛල
රෙනින් එන්සයිමය, කයිමොසීන් එන්සයිමය
චිස් නිෂ්පාදනය සදහා



ඇමයිලේස් එන්සයිමය
බේකරි කර්මාන්තය


පෙක්ටිනේස් වර්ග
බිර හා වයින් නිෂ්පාදනයේදි
කෘෂිකාර්මික ක්ෂේත්‍ර‍ය
තක්කාලි
කල්තබාගතහැකි තක්කාලි

පොලිගැලැක්ටෝයුරිනේස් ජානය  නිරූපනය වැළැක්වීම මගින් සෙමින් ඉදෙන හා මෘදුබව අඩු
තක්කාලි


Rhizobium  බැක්ටීරියාව
කෘමිහානිවලට ඔරොත්තුදෙන රනිල බෝග
Bacillus බැක්ටීරියාවෙන් ලබාගත් ජානය රනිල බෝග තුල සහජීවි  Rhizobium බැක්ටීරියාවට ලබාදීමෙන් රනිල බෝග කෘමිහානිවලට ඔරොත්තුදේ.

Erwinia නැමැති බැක්ටීරියාව
විටමින් A බහුල රන් සහල්
විටමින් A ඌන තාවයෙන් පෙලෙන දරුවන් සහා



තක්කාලි, කෙසෙල්
ප්‍ර‍තිශක්තිකරණ එන්නත්
දැඩි උදරාබාධ ඇතිකරණ  නොවෝක් වෛරසයට එරෙහි ප්‍ර‍තිජීවක නිපදවන බෝග  ,හෙපටයිටිස් ප්‍ර‍තිජීවක බෝග
සත්ව නිෂ්පාදන
එළදෙනුන් , ගවයන්
මානව මව්කිරිවල සංයුතියට සමාන කිරි
කිරි නිෂ්පාදන සදහා

බැටළුවන්
ලොම් ප්‍ර‍මාණයෙන් වැඩි බැටළුවන්
බැටළු ලොම් ආශ්‍රිත නිෂ්පාදන සදහා

සැමන් මත්ස්‍යයන්
වැඩි මාංශ ප්‍ර‍මාණයක් ඇති සැමන් මත්ස්‍යයන්
ටින් මාළු කර්මාන්තය සදහා

           
        එබැවින් ජාන තාක්ෂණයෙන් කෘෂි ක්ෂේත්‍ර‍ය තුල   අප හට අත්වී ඇති වාසි ලෙස අහිතකර තත්ව වලට ප්‍ර‍තිරෝධි , වැඩි අස්වැන්නක් ලබාගතහැකි , අඩු පොහොර ප්‍ර‍මාණයක් හා අඩු ජල ප්‍ර‍මාණයක් අවශ්‍ය, කෘමි ප්‍ර‍තිරෝධි , නයිට්‍ර‍ජන් වැඩි කාර්යක්ෂමතාවයකින් ලබාගතහැකි , හො වයනයක් , රසයක් හා පෝෂණ තත්වයක් ඇති වැඩි කාලයක් ගබඩාකල හැකි එළවළු හා පළතුරු  නිපදවිය හැකි  හා ජනගහන වර්ධනය සමග ආහාර සැපයුම වැඩිකලහැකි කෘෂි නිෂ්පාදන ලබාගැනීමේ හැකියාවද පෙන්වාදිය හැක.
            එනමුත්  ජාන තාක්ෂණයේ අවාසි ලෙස ඇතිවන සුපිරි වල් පැල අනෙකුත් ප්‍රධාන භෝග පරයා ආධිපත්‍ය පතුරුවයි. එය පරිසරය දූෂණයටද මග පාදයි. තවද නොසිතු ජීවීන් සමග ජාන හුවමාරු විය හැක.එය සමහර අවස්ථා වල මිනිසුන්ට හානිදායක වේ. ද වනවිට ලෝකයේ දියුණු රටවල් ජාන තාක්ෂණය පිළිබද පර්යේෂණ සිදු කළද ඔවුන් එම රටවල වැසියන් ජාන තාක්ෂණික ආහාර වලින් ආරක්ෂා කර ඇත. උදාහරණයක් ලෙස ඇමරිකාව ජාන නවීකරණය කරන ලද ඉරිගු මනුෂ්‍ය ආහාරයට නුසුදුසු බව පවසා තිබේ.බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ඇතුලු රටවල් ගණනාවක් මෙසේ ජාන ආහාර භාවිතය තහනම් කර ඇති අතර ඇතැම් රටවල් සීමා පනවා ඇත. එබැවින් අඩු පහසුකම් සහිත සංවර්ධනය වෙමින් පවතින රටක ජිවත්වන  අපද එම ආහාර ගැනීමේදී තවත් වරක් සිතිය යුතුය.

 උපුටාගැනීම අන්තර්ජාලය හා පොතපත ඇසුරිනි

              කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
              විද්‍යා හා තාක්ෂණ නිලධාරි
Lakshan Malan Web Developer

Morbi aliquam fringilla nisl. Pellentesque eleifend condimentum tellus, vel vulputate tortor malesuada sit amet. Aliquam vel vestibulum metus. Aenean ut mi aucto.

ආක්ටික් අයිස් දිය වීමේ බලපෑම්


ආක්ටික් ප්‍රදේශවල අයිස් දිය වීම පිළිබදව අවධානය යොමු කරන වාර්තාවක දැක්වෙන ආකාරයට එය බරපතල බලපෑම් ඇති විය හැකි අවස්ථා 19ක් සදහා හෙළීම් ලක්ෂ්‍යයක් (tipping point) වියහැකිය.එහි බලපෑමෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල කාලගුණයේ වෙනස් වීම් ඇති විය හැකිය.

මේ වර්ෂයේ ආක්ටික් සාගරයේ වාර්තා වූ අවම අයිස් මට්ටම දෙවැනි වන්නේ 2012 වර්ෂයේදී ආක්ටික් සාගරයේ පැවැති අයිස් මට්ටමට පමණි. වර්ෂයේ මේ කාලය වන විට ආක්ටික් සාගරයේ අයිස් මිදීම ආරම්භ විය යුතු වූවද, මේ වර්ෂයේ දී මේ දක්වා එය සිදු වී නොමැති වීම විශේෂ සිදුවීමකි.
ආක්ටික් ප්‍රත්‍යස්ථතා වාර්තාව (Arctic Resilience Report) නම් පසුගිය දා නිකුත් වූ වාර්තාවකට අනුව ආක්ටික් අයිස් දිය වීම නිසා බලපෑම් ඇති විය හැකි අවස්ථා කිහිපයක් මෙසේය. ආක්ටික් ප්‍රදේශයේම ඇති විය බලපෑම් අතර තුන්දා ප්‍රදේශවල ශාක වර්ධනය වීම හා මීතේන් විමෝචන නිකුත් වීම ඉහළ යෑම දැක්විය හැකිය. මේ බලපෑම් නිසා දේශගුණ වෙනස් වීම තවදුරටත් ඉහළ යා හැකිය. එසේම ආක්ටික් කලාපයෙන් පිටත ප්‍රදේශවලට ඇති විය හැකි බලපෑම් අතර ආසියාවේ දේශගුණ රටාව වෙනස් වීම වැදගත් කරුණකි. ආසියානු කලාපයේ මෝසම් වැසිවල ද වෙනස්කම් ඇති විය හැකි යැයි දක්වා තිබේ.
මෙවැනි වෙනස්කම් ඇති වන්නේ ස්වභාවික පද්ධතිවල විශාල පරිමාණයේ හෝ ඉක්මන් වෙනස් වීම් ඇති වන අවස්ථාවල දී ය.ලෝකයේ එක් ප්‍රදේශයක සිදු වන වෙනස්වීම් නිසා ඇති වන බලපෑම් ලෝකයේ තවත් ප්‍රදේශවලට අහිතකරව බලපෑම් ඇති කළ හැකි වීම විශේෂත්වයකි.
Lakshan Malan Web Developer

Morbi aliquam fringilla nisl. Pellentesque eleifend condimentum tellus, vel vulputate tortor malesuada sit amet. Aliquam vel vestibulum metus. Aenean ut mi aucto.