1 / 5
Love is
2 / 5
Love is
3 / 5
MALAN
4 / 5
Love
5 / 5
MALAN

ආක්ටික් අයිස් දිය වීමේ බලපෑම්


ආක්ටික් ප්‍රදේශවල අයිස් දිය වීම පිළිබදව අවධානය යොමු කරන වාර්තාවක දැක්වෙන ආකාරයට එය බරපතල බලපෑම් ඇති විය හැකි අවස්ථා 19ක් සදහා හෙළීම් ලක්ෂ්‍යයක් (tipping point) වියහැකිය.එහි බලපෑමෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල කාලගුණයේ වෙනස් වීම් ඇති විය හැකිය.

මේ වර්ෂයේ ආක්ටික් සාගරයේ වාර්තා වූ අවම අයිස් මට්ටම දෙවැනි වන්නේ 2012 වර්ෂයේදී ආක්ටික් සාගරයේ පැවැති අයිස් මට්ටමට පමණි. වර්ෂයේ මේ කාලය වන විට ආක්ටික් සාගරයේ අයිස් මිදීම ආරම්භ විය යුතු වූවද, මේ වර්ෂයේ දී මේ දක්වා එය සිදු වී නොමැති වීම විශේෂ සිදුවීමකි.
ආක්ටික් ප්‍රත්‍යස්ථතා වාර්තාව (Arctic Resilience Report) නම් පසුගිය දා නිකුත් වූ වාර්තාවකට අනුව ආක්ටික් අයිස් දිය වීම නිසා බලපෑම් ඇති විය හැකි අවස්ථා කිහිපයක් මෙසේය. ආක්ටික් ප්‍රදේශයේම ඇති විය බලපෑම් අතර තුන්දා ප්‍රදේශවල ශාක වර්ධනය වීම හා මීතේන් විමෝචන නිකුත් වීම ඉහළ යෑම දැක්විය හැකිය. මේ බලපෑම් නිසා දේශගුණ වෙනස් වීම තවදුරටත් ඉහළ යා හැකිය. එසේම ආක්ටික් කලාපයෙන් පිටත ප්‍රදේශවලට ඇති විය හැකි බලපෑම් අතර ආසියාවේ දේශගුණ රටාව වෙනස් වීම වැදගත් කරුණකි. ආසියානු කලාපයේ මෝසම් වැසිවල ද වෙනස්කම් ඇති විය හැකි යැයි දක්වා තිබේ.
මෙවැනි වෙනස්කම් ඇති වන්නේ ස්වභාවික පද්ධතිවල විශාල පරිමාණයේ හෝ ඉක්මන් වෙනස් වීම් ඇති වන අවස්ථාවල දී ය.ලෝකයේ එක් ප්‍රදේශයක සිදු වන වෙනස්වීම් නිසා ඇති වන බලපෑම් ලෝකයේ තවත් ප්‍රදේශවලට අහිතකරව බලපෑම් ඇති කළ හැකි වීම විශේෂත්වයකි.
Lakshan Malan Web Developer

Morbi aliquam fringilla nisl. Pellentesque eleifend condimentum tellus, vel vulputate tortor malesuada sit amet. Aliquam vel vestibulum metus. Aenean ut mi aucto.

No comments:

Post a Comment